පියුමි සහ දිලීප අතරේ ඇතිවන මේ ගැඹුරු බැඳීම ඔබට අමුත්තක් නොවේවි. විවාහක ගැහැනියක් සහ විවාහක පිරිමියෙක් අතර ඇතිවන මෙම සබඳතාව, අප සමාජයේ බොහෝ දෙනාගේ ජිවිත වලට සමීප දයක් නමුත්, මෙහි ඇති විශේෂත්වය නම්, එය නිකම්ම නිකම් ආදර කතාවක් නොවීමයි.
මේ කතාව ඔබට කියන්නේ, කාන්තාවකගේ හදවතක ඇති ආදරය, බලාපොරොත්තු, සහ අභ්‍යන්තර ගැටුම් ගැනයි. ඇය ප්‍රේමයෙන් මත්වෙලා ඔහුගෙන් බලාපොරොත්තු වන රැකවරණය, අගය කිරීම සහ සැනසීම සොයා යන ගමනක් නමුත්, ආදරය වැඩි වෙන තරමටම ඇතිවන ඊර්ෂ්‍යාව, අසරණකම සහ අවසානයේදි ඔහුව අමතක කර දමන්නට පවා සිදුවන වේදනාව, මේ කතාවෙන් ඔබට දැනේවි.
මනෝ උපදේශිකාවක් සහ මාධ්‍ය වේදිනියක් ලෙස මගේ ජීවිතයේ අත්දැකීම් සහ මට මුණගැසුණු බොහෝ කාන්තාවන්ගේ කතන්දර වල එකතුවක් ලෙසයි මේ කතාව හැදුණේ. මෙහි පියුමි පමණක් නොවෙයි. අප සමාජයේ ජීවත්වන සැම කාන්තාවකගේම කොටසක් සිටිනවා. ඔවුන්ගේ සිතේ රහස්, ඔවුන්ගේ අභ්‍යන්තර සටන්, සහ ඔවුන්ගේ ගැඹුරුම හැඟීම් මේ කතාවේ අන්තර්ගතයි.
මෙය ඔබගේ කතාවයි. ඔබගේ හැගීම් වල කතාවයි. එය ඔබටම ඔබව හඳුනාගන්නට උපකාරී වේවි.
අයේෂා -
Me Gaburuma Premayata Man Asai - මේ ගැඹුරුම ප්‍රේමයට මං හරි ආසයි
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- - Ayesha Lakmali Liyanage - අයේශා ලක්මාලි ලියනගේ
- ISBN: 9786245879915
- Availability: Available
-
Rs. 650.00